ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්ව ති බෙනවා.
2026 වර්ෂය සඳහා වූ අයවැය අද(22) සභාවට ඉදිරිපත් කර තිබෙනවා.
එලෙස ඉදිරිපත් කරන ලද අයවැයට පක්ෂව ඡන්ද 57ක් ලැබී ඇති අතර අයවැයට විපක්ෂව ඡන්ද 60ක් ලැබී තිබෙනවා.
ඒ අනුව වැඩි ඡන්ද තුනකින් 2026 වර්ෂය සඳහා වූ අයවැය පරාජයට පත්ව තිබෙනවා.
අයවැය ඡන්ද විමසීමේදී සර්වජන බලය නියෝජනය කරනු ලබන නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනාගේ ඡන්දය තීරණාත්මක වූ සාධකයක් වූ බවයි වාර්තා වන්නේ.
මේ අතර කොළඹ මහ නගර සභාව සභිකයන් 117කින් සමන්විත වනවා.













