2025 – දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතා තරගාවලියට තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයින් රන් පදක්කමක් , රිදී පදක්කමක් සහ සමස්ථ තරගාවලියේ අනු ශූරතාවය දිනා ගෙන (24) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
මෙම තරගාවලිය පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර දකුණු ආසියානු රටවල් 05 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් දින පවත්වා තිබුණා.
එහිදී විවෘත කිලෝ මීටර් 10 ධාවන ඉසව්ව සදහා සහභාගී වූ වී.වක්ෂාන් ක්‍රීඩකයා එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියා.
ඔහු තලවකැළේ ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයෙක්.
එම තරගාවලියේ කිලෝ මීටර් 08 කනිෂ්ඨ අංශයේ ධාවන ඉසව්වට සහභාගී වූ එස්.සුදිහර්ෂන් ක්‍රීඩකයා එහි රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියා.
ඔහු මාතලේ හින්දු ජාතික පාසැලේ 13 වසරේ ඉගෙනුම ලබන සිසුවෙක්.
මෙම පදක්කම් දිනා ගත් ක්‍රීඩකයින් පිරිස අද පස්වරු 01.15 ට පකිස්තානයේ ලාහෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 154 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.