ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහි නඩුවක් අද කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිත ව තිබෙනවා.
නීතිපතිවරයා විසින් පසුගිය 07 වනදා අධි චෝදනා පත්‍ර සළකා බැලීමෙන් අනතුරුවයි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබුණේ.
හියුමන් ඉමියුනොග්ලොබින් සහ රිටොක්සිමැබ් නැමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ෂණය සිදු කරනු ලබනවා.
එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 13 ක්ද එල්ල කර තිබුණා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














