නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය 2025/26 ගල් අඟුරු වාරය සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් ලංකා ගල් අඟුරු සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාළ නිවේදනය මගින් පවසා ඇත්තේ විවිධ අසත්‍ය හා නොමග යවන සුළු පුවත් විවිධ මාධ්‍යවල පළවන බව නිරීක්‍ෂණය වී ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ජනතාව වෙත ලබාදීමේ අරමුණින් අදාළ නිවේදනය නිකුත් කරන බවද ලංකා ගල් අඟුරු සමාගම පවසනවා.
ඒ අනුව දැනට තිබෙන තොග සහ සැලසුම් සම්බන්ධයෙන් අදාළ නිවේදනයෙන් දක්වා තිබෙනවා.
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය සඳහා 2025 සැප්තැම්බර් මස අවසානය දක්වා අවශ්‍ය ගල්අඟුරු තොග ප්‍රමාණවත් ලෙස ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
එසේම වර්තමාන සැපයුම් කොන්ත්‍රාත්ව යටතේ තවත් ගල්අඟුරු මෙටි්‍රක් ටොන් 840,000ක් ලබන 2025 සැප්තැම්බර් මස සිට දෙසැම්බර් මස මුල දක්වා සැපයීමට නියමිත බවද නිවේදනයේ සඳහන්.
එසේම ඉදිරි වසර සඳහා අවශ්‍ය ගල් අඟුරු සැපයුම් සඳහා වන ප්‍රසම්පාදන කටයුතු මේ වන ආරම්භ කර ඇති බවද ලංකා ගල්අඟුරු සමාගම පවසනවා.
කෙසේ වෙතත් සෑම වසරකම පවතින නිරිතදිග මෝසම් වර්ෂාව හේතුවෙන් ගල්අඟුරු සැපයුම සාමාන්‍යයෙන් සැප්තැම්බර් සිට ඊළඟ වසරේ අප්‍රේල් තෙක් සිදුවන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
එම නිසා ඉදිරි ගල් අඟුරු වාරය සඳහා ගල් අඟුරු සැපයුම සම්බන්ධයෙන් කිසිදු අවදානමක් මේ වන විට නොපවතින බව වගකීමෙන් සහ පැහැදිළිව ප්‍රකාශ කර සිටින බවයි ලංකා ගල්අඟුරු සමාගම පවසන්නේ.