දීර්ඝ කාලයක් වසා තිබූ ළිඳකට බැසීමට ගිය පුද්ගලයෙක් සිහිසුන්ව ඇද වැටීමෙන් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ැඅත්තේ කල්තොට, ගල්ටැම්යාය ප්‍රදේශයේ ළිඳකට බැසීමට උත්සාහ කළ පුද්ගෙලයෙකි.
පොලිසිය කියා සිටියේ මිතුරුන් දෙදෙනෙක් සමග ප්‍රදේශයේ නිවසක ළිඳක් පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා අනතුරට ලක්ව ඇති බවයි.
විෂ වායුවක් ආග්‍රහනය වීම නිසා මෙම පුද්ගලයා සිසුන්වන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
බලංගොඩ, මුල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙක් සිද්ධියෙන් මියගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කල්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.