මෙම වසර තුල දිවයින පුරා වෙඩි තැබීමේ සිදුවීම් 78 ක් සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
වී නිව්ස් අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ එම වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයින් 42 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම වෙඩි තැබීම් වලින් වෙඩිතැබීම් 58 ක් සංවිධානාත්මක අපරාධ සදහා සම්බන්ධ බවයි සදහන් වන්නේ.
මිය ගිය පිරිස අතරින් පුද්ගලයින් 37 දෙනෙකු සංවිධානාත්මක අපරාධ කල්ලි සිදු කළ වෙඩි තැබීම් හේතුවෙන් මිය ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩි දුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- හිටපු ඇමැති පී. හැරිසන් FCIDයට
- හෙරොයින් සමග පොලිස් කොස්තාපල්වරියක් අත්අඩංගුවට
- ගිනිගත්හේන හරහා ගිය වාහන 12කට තාවකාලික තහනමක්
- මංජුසා තුනක් සමග දෙන්නෙක් අල්ලයි
- උතුරු මැදට සහ නැගෙනහිරට වැසි
- අසපුවක් නිසා මැදවච්චියේ ගම් රැසක ජනතාව පීඩාවට
- ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනය
- කූඨ ලෙස සැකසූ වීස බලපත්‍රයකින් ස්පාඤ්ඤයට පනින්න හැදූ විදේශිකයෙක් අත්අඩංගුවට













