කාසල්රී ජලාශයේ ප්‍රධාන ජලපෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයට ඊයේ(17) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමු ඔයේ ජල මට්ටම වැඩි වී පිටාර ගැලීම හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටව තිබෙනවා.
කෙසෙල්ගමු ඔය පිටාර ගැලීම හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ සිට කෙසෙල්ගමු ඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගවල ජලය බැස නොයෑමෙන් බගවන්තලාව කොටියාගල වතු යායේ පහත් බිම්වල පිහිටි වතු මාර්ග සහ නිවාස රැසක්ද ජලයෙන් යටව තිබෙනවා.
පැවැති වාර්ෂාවත් සමග බගවන්තලාව බි්‍රඩ්වෙල් වතුයායේ තේ වත්තේ කොටසක් නායයාම හේතුවෙන් එම වතුයායට පිවිසෙන මාර්ගයක් අවහිර වී තිබෙනවා.