විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් පසුගිය ජූනි මාසය තුළදී එක්සත් ජනපද ඩොලර් මිලියන 635.7 ක මුදල් ප්‍රමාණයක් විදේශ ප්‍රේෂණ ලෙස මෙරටට එවා ඇති බව මහබැංකුව පවසනවා.
2025 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ සමුච්චිත අගය අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 18.9%ක වැඩිවීමක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.
එය 2024 වසරේ ජූනි මාසයේ එවන ලද ප්‍රේෂණ සමග සසදා බැලීමේ දී 22% ක වර්ධනයක්.