බොරලන්ද කන්දේපුහුල්පොල ප්‍රදේශයේ ඊයේ (17) සවස ඇති වූ අධික වර්ෂාවෙන් හටගත් ජල පහරට ගොදුරු වූ අඹුසැමි යුවළේ අතුරුදන්ව සිටි අතර අද පෙරවරුවේ සිරුරු සොයාගෙන තිබෙනවා.
ඊයේ සවස වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ඇදහැළුණු බර වර්ෂා පතන අවධියේදී මෙම යුවළ ජලයේ ගසාගෙන ගොස් අතුරුදන් වීමට හේතුවිය. ප්‍රදේශවාසීන් රාත්‍රිය පුරා සිදු කළ සෝදිසි කිරීම් වලදී කාන්තාවගේ සිරුර සොයා ගැනීමට හැකිවිය.
අද දින සෙවීම් කටයුතු අතරතුර සැමියාගේ සිරුරද සොයාගෙන තිබෙනවා.
මෙම අනතුරින් මියගිය දෙදෙනා 32(සැමියා ) සහ 37(බිරිද) වියේ පසුවූ අය ව්විය.











