පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ජීවිත තර්ජනයක් පවතින බවට ලැබුණු තොරතුරකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු වාර්තා කර තිබෙනවා.
ඒ අනුව සිද්ධියට අදාළව බූස්ස බන්ධනාගාරයේ සිටින සැකකරුවන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට එම දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිගෙන් නියෝගයක් ලබාගෙන ඇති බව සදහන්.
දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගෙන් තර්ජන එල්ලවිය හැකි බවට උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඒ මහතාගේ හෝකන්දර පිහිටි නිවසට ගොස් ඔහුට දැනුම් දී තිබුනා.
තෙන්නකෝන් මහතා ඝාතනය කරන ලෙස විදෙස්ගතව සැඟව සිටින කංජිපානි ඉම්රාන් විසින් සිය සමීපතමයන්ට උපදෙස් ලබාදී ඇති තොරතුරු වාර්තාවී ඇති බවද එම නිලධාරීන් වැඩිදුරටත් එහිදී සඳහන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













