
මෙරට පූර්ව ළමා වියේ පසුවන ළමුන්ගේ ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ සිදුකළ සමීක්ෂණයකට අනුව පූර්ව ළමාවියේ ළමුන්ගෙන් සියයට 64ක් දිනකට පැය භාගයකට වැඩි කාලයක් ජංගම දුරකථන හෝ පරිගණක නරඹමින් කාලය ගත කරන බවට අනාවරණය වී ඇති බවයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් පෙර පාසල් දරුවන්ට සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් මෙන්ම මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.














