අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගල්ෆ් රාජ්‍යයන්හි සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ හෙට දිනයේදී ඔහු සෞදි අරාබියේ රියාද් අගනුවර වෙත ගමන් කිරීමට නියමිත අතර, එහිදී රටේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් හමුවීමට නියමිතව ඇති බවයි.
එහිදී දෙරට අතර ඇමරිකානු ආර්ථිකය සදහා නව ආයෝජන සුරක්ෂිත කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.
මෙම හමුවෙන් පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් හී පැවැත්වෙන ගල්ෆ් නායකයින්ගේ සමුළුවකට සහභාගී වී පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඔහුගේ දින තුනක සංචාරය අවසන් කිරීමටත් අපේක්ෂා කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.