ජනාධිපතිවරයාගේ චීන සංචාරයට සමගාමීව යුවාන් මිලියන 500ක ප්‍රදානයක් මෙරටට හිමිව තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි මේ බව කියා සිටියා.
අමාත්‍යවරයා පැවසුවේ, මෙරට ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් එම ප්‍රදානය හිමිවූ බවයි.