2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 09 වන තරගයෙන් ලකුණු 08 ක තියුණු ජයක් වාර්තා කිරීමට බනගලාදේශ කණ්ඩායම සමත් වුණා.
ඒ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනු බංගලාදේශය පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කලේ.
ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05 ක් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 154 ක්.
ලකුණු 155 ක් ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි ඇෆ්ඝනිස්තානයට නියමිත පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 146 ක් පමණයි .