විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ට මතු වී ඇති ගැටලු කිහිපයක් විසඳා ගැනීම සම්බන්ධයෙන් වෘත්තීය සංගම් නියෝජිතයන් සහ අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ මෙනවිය සමග පැවැත්වුණා .
ඒ සදහා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මැතිතුමා, මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ද සහභාගී වුණා .
මෙම සාකච්චාව පැවැත්වුනේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යතුමියගේ කාර්යාලයේ දී යි.
එහිදී ඔවුන්ට මතුව තිබෙන වැටුප් අනුපාතය ප්‍රතිශතයක් ලෙස පහත වැටී තිබීම, එම්.සී.ඒ දීමනාව, 20% දීමනාව, අතිකාල ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කළා.
දැනට ක්‍රියාත්මක වැටුප් වැඩිකිරීමට සමගාමී ව අනධ්‍යයන කාර්යමණ්ඩල වැටුප් අනුපාතය ක්‍රමික ව 20% සිට 11%ටත් දැනට 11%සිට 6.94% දක්වා අඩුවීමේ ගැටලුව වහා විසඳිය යුතු බවට අවධාරණය කළා.
මීට පෙර රාජ්‍ය සේවක වැටුපට සමගාමී ව ඔවුන්ගේ වැටුප ඉහළ ප්‍රතිශතයකින් වැඩි වී තිබූ බවත් අවුරුදු කිහිපයක් ඇතුළත එය ක්‍රමයෙන් අඩු පරතරයකට පත්වී තිබීම ගැටලුවක් බවයි ඔවුන් අවධාරණය කලේ.
ඊට අමතර ව එම්.සී.ඒ දීමනාව, 20% දීමනාව සහ අතිකාල ගණනය කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ මීට පෙර ද දේශපාලන අධිකාරිය සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු නියෝජිතයන් සමඟ සාකච්ඡා කර තිබුණ ද අවශ්‍ය විසඳුම් ලැබී නොමැති බව ද ඔවුහු පෙන්වා දෙනු ලැබුවා.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද එක් ව සිටියා.