ඉරානය සහ ඊශ්‍රායලය අතර දින දොළහක කාලයක් පැවති යුද ගැටුම් මේ වන විට සමනය වෙමින් පවතිනවා. ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු මැදිහත්වීමෙන් ඇති කර ගත් ඉරාන – ඊශ්‍රායල සටන් විරාමය ක්‍රියාවට නැංවීමත් සමගයි. ආරම්භයේදී වඩාත් දුර්වල ස්වභාවයක් ගත් එම සටන් විරාමය කඩ වීමේ අවදානමක් මතු වූයේ සටන්විරාම කොන්දේසි නොතකා ඉරානය, තමන් දෙසට මිසයිල ප්‍රහාර එල්ල කළ බවට ඊශ්‍රායලය කළ චෝදනාව හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා කෝපයට පත්කරමින් ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වූ ඊශ්‍රායලයද, ඉරානයේ රේඩාර් මධ්‍යස්ථාන කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කරනු ලැබුවා.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














