ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන සිම්බාබ්වේ සංචිතය නම් කර තිබෙනවා.
ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සදහා බ්‍රෙන්ඩන් ටේලර් යළි කැඳවා තිබීම විශේෂත්වයක්.
හිටපු කඩුලු රකින්නෙකු සහ පිතිකරුවෙකු වන බ්‍රෙන්ඩන් ටේලර් වසර හතරකට ආසන්න කාලයකට පසුවයි මෙලෙස ජාතික කණ්ඩායමට එක් වන්නේ.
ජාත්‍යන්තර එක් දින තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය අගෝස්තු 29 සහ 31 යන දිනවල හරාරේ හිදි පැවැත්වීමට නියමිතයි.
ක්‍රෙග් අර්වින්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය පළපුරුදු ක්‍රීඩකයින් සහ නැගී එන දක්ෂතා ඇති ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත වනවා.