
නැගෙනහිර, ඌව පළාත් සහ පොළොන්නරුව, මුලතිව් දිස්ත්‍රික්ක සඳහා අද දින ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, එම ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු විය හැක. එමෙන්ම, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විමේ හැකියාවක් පවතිනවා.














