රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධ නඩුව අද දින කැඳවීම හේතුවෙන්.
පසුගිය 19 වනදා හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඉන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.