ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක හදිසියේ ගින්නක් හට ගෙන තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය පවසන්නේ අද අලුයම 05.30ට පමණ තිරුවල්ලූර් දුම්රිය ස්ථානය අසලදී මෙම ගින්න හටගෙන ඇති බවයි
ගින්න හේතුවෙන් මෙතෙක් ජීවිත හානියක් සිදුව නොමැති බවද එම වාර්තා පෙන්වා දෙනවා.
ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියේ තෙල් ටැංකි තුනක් පිලී පැනීමෙන් පසුව ඇතිවූ ඉන්ධන කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි එම ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
කෙසේවෙතත් ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන කණ්ඩායම් ක්‍රියාකරමින් සිටින බවද සදහන්.