ඊයේ මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ගත්තා. මේ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් පහළොවකින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් දෙසිය අසූ නවයක් වනවා. එමෙන්ම ඔක්ටේන් අනු දෙක වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දොළහකින් ඉහළ නැංවෙන අතර එහි නව මිල වන්නේ රුපියල් තුන්සිය පහක්. ලංකා භූමිතෙල් මිල ද රුපියල් හතකින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් එකසිය අසූ පහක් වනවා. මිට අමතරව ඔක්ටේන් අනු පහ වර්ගයේ පෙට්‍රල් සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතිනු ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දෙන්නේ. මේ අතර ලංකා ඉන්දියන් තෙල් සමාගමද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිලට සාපේක්ෂව එම ඉන්ධන මිලට සමාන කරමින් මිල ගණන් වෙනස් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ආන්දෝලනාත්මක මාලිමාවේ මන්ත්‍රීවරිය ඉල්ලා අස් වෙයි – BREAKING NEWS
- පිලිපීනයේ ජාතික හදිසි තත්ත්වයක් !
- ආණ්ඩුව වෙනුවෙන් අන්තරේ හිටපු වසන්ත කතා කරයි – VIDEO –
- ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ශ්‍රේණිගත කිරීම්වල ඉහලට
- මත් ජාවාරම්කරුවන්ට දැඩි දඬුවම් දෙන්න – නාමල් – VIDEO –
- ලාදුරු තුරන් කරන සැලැස්ම එළිදකියි
- රජයේ පාසල් නිවාඩුව හෙටින් ඇරඹේ
- බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරුවෙක්













