ප්‍රංශය සිය පුරවැසියන්ට හැකි ඉක්මනින් මාලි රාජ්‍යයෙන් තාවකාලිකව පිටවන ලෙස ඉල්ලා තිබෙනවා.
විදෙස් වාර්තා පැවසුවේ අල්-කයිඩාවට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායමක් විසින් පනවා ඇති අවහිරය තීව්‍ර වීමත්, ආරක්ෂක තත්ත්වය වේගයෙන් පිරිහීමත් හේතුවෙන් මෙම දැනුම්දීම කර ඇති බවයි.
ප්‍රංශ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මාලි රාජ්‍යයේ, අගනුවර වන බමාකෝ හි පවා ආරක්ෂක තත්ත්වය සති කිහිපයක් තිස්සේ නරක අතට හැරෙමින් පවතින බවයි.
ප්‍රංශ ජාතිකයන්ට තවමත් ලබා ගත හැකි වාණිජ ගුවන්ගමන් මගින් හැකි ඉක්මනින් මාලි රාජ්‍යයෙන් තාවකාලිකව පිටව යාමට සැලසුම් කරන ලෙසයි උපදෙස් දී ඇත්තේ.













