සියයට 50 ක බහුතර බලයක් ලබාගෙන නොමැති පළාත් පාලන ආයතනවල සභාව පිහිටුවීම, අදාළ සභිකයන්ගේ එකඟතා මත සිදුවනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, එම ආයතනවල ප්‍රධාන තනතුරු පත්කිරීම, ඡන්ද විමසීමකින් හෝ වෙනත් එකඟතා මත සිදු කළ යුතු බවයි.
මේ අතර, පෙරේදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කළ සභිකයින්ගේ නම් ලැයිස්තුව ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීම ඉදිරි දිනකදී සිදු කෙරෙනු ඇති.