මෙම දිනවල පවතින වියළි හා අධික උෂ්ණාධික කාලගුණික තත්ත්වය හේතුවෙන් අධික ජල පරිභෝජනය හේතුවෙන් බෙදා හැරීමේ පද්ධතියේ අඩු පීඩන තත්ත්වයක් හෝ උස් බිම් ප්‍රදේශවල ජල සැපයීම් බිඳ වැටීම් වරින් වර සිදු විය හැකි බව ජාතික ජාල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.
එලෙස ජල සැපයුම දෛනිකව සැළකිය යුතු කාලයක් අඩාල වන බවත්, මණ්ඩලය මගින් හඳුනාගත් උස් ප්‍රදේශවල පදිංචි පාරිභෝගිකයින් සඳහා බවුසර් මගින් සහ මුර ක්‍රමය යටතේ ජලය ලබාදීමට ද කටයුතු සලසා ඇති බවත්, එම මණ්ඩලය පවසනවා.
මේ අතර, වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හි ජල මට්ටම් පහළ අගයක පවතින අතර ජනතාවගේ ජල පරිභෝජනය සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් තිබෙනවා.
එසේ වුවද ජල නිෂ්පාදනයෙහි අඩු වීමක් සිදු වී නොමැති අතර, සාමාන්‍ය තත්ත්වයෙන් සියයට 10ක් පමණ අභිබවා ජලය නිෂ්පාදනය කර බෙදා හැරීම සිදු කර බවයි මණ්ඩලය පවසන්නේ.
තවද, ගංඟා ජලයට ලවණ ජලය මුසු වීම වැළැක්වීම සඳහා අවශ්‍ය තාවකාලික ලවණ බාධක ඉදිකිරීමට ද කටයුතු කර ඇති බවද එම මණ්ඩලය සඳහන් කරනවා.