වෙලාන්ගනි හන්දියේදී සිදු වූ රිය අනතුරකින් සිව් හැවිරිදි දරුවෙක් මිය ගොස් තිබෙනවා.
මව, පියා, දියණිය පුතා ඇතුලු එකම පවුලේ සිව්දෙනෙකු ඊයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සදහන් වන්නේ.
අනතුරින් සිව්දෙනාම තුවාල ලබා මන්නාරම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී පිරිමි දරුවා මියගොස් ඇති බවයි වාර්තා වුනේ.
ර අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.