තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ දෙහිවල මුවර් පාරේදී පොලිස් විශේෂ කාර්ය බලකා කළුබෝවිල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එහිදී තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද සිගරට් 1800ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන දෙහිවල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි අයෙකු බවයි පොලිසිය පවසන්නේ.
දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.