මෙරට කර්මාන්තකරුවන් පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය හඳුන්වාදීම අද සිදු කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාව පුරා ආර්ථික හා කාර්මික කටයුතු සම්බන්ධව සියලු තොරතුරු එකට ගෙන කළමනාකරණය කිරීම සඳහා නවතම ඩිජිටල් වේදිකාවක් ලෙසයි මෙම ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය හඳුන්වා දෙනු ලබන්නේ.
මෙම පද්ධතිය කර්මාන්ත තොරතුරු සඳහා කේන්ද්‍රීය දත්ත ගබඩාවක් ලෙස ක්‍රියා කරනු ඇති.
කර්මාන්තකරුවන්ට ඔවුන්ගේම පරිශීලක ගිණුමක් සෑදීමෙන් හෝ බලයලත් රාජ්‍ය නිලධාරීන් හරහා තොරතුරු ඉදිරිපත් කිරීමෙන් මේ සඳහා ලියාපදිංචි විය හැකියි.













