කලා වැවේ වාන් දොරටු මේ වන විට උපරිම ධාරිතාවෙන් විවෘත කර ඇති බව මාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ තත්පරයට ඝන අඩි 44,000ක ජල කඳක් රාජාංගනය ජලාශයට මුදා හරින බවයි.
ඒ අනුව ඉදිරි පැය කිහිපයේදී රාජාංගනය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 35,000ක් පමණ ජල ප්‍රමාණයක් කලා ඔයට මුදාහැරීමට අපේක්ෂා කරනු ලබන බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව මේ බව කියා සියේ කලා ඔය ද්‍රෝණියේ ගංවතුර අනතුරු ඇඟවිම සම්බන්ධයෙන් රතු වර්ණයෙන් යුත් අනතුරු ඇඟවීමක් නිකුත් කරමිනි.
ඒ අනුව රාජාංගනය, නොච්චියාගම, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක් ඉදිරි පැය කිහිප තුළ ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.
එසේම වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවයි.
එසේම කලාඔය ආශ්‍රීතව සියලු ක්‍රියාකාරකම්වලින් වැලකී සිටින ලෙසටත් සපත්තු පාලම් ආදිය ජලයට යටවිය හැකි බැවින් එම ප්‍රදේශවල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන කර යොමුවන ලෙසත් දැන්වා සිටින වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ග්නනා ලෙස ආපදා කළමනාකරණ අංශවලටද දැනුම් දෙනු ලබනවා.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.














