අඹගමුව ප්‍රාදේශීය සභාවේ මංගල සභා රැස්වීම අද(26) පෙරවරු 19ට ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වුණා.
ඒ මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන්
සභික ධුර 21කින් සමන්විත අඹගමුව ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ කපිල නාකන්දල මහතා පැවැති විවෘත ඡන්ද විමසීමේදී ඡන්ද 11ක් ලබාගනිමින් පත්වූවා.
ජාතික ජන බලවේලය නියෝජනය කරමින් සභාපති ධුරයට තරග කළ වසන්ත ප්‍රියදර්ශන මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 10ක් පමණයි.
උප සභාපතිවරයා තේරීම රහස් ඡන්දයකින් පැවැත්වුණා.
එහිදී උප සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ හරින්ද්‍ර ආසිරි උඩගෙදර මහතා ඡන්ද 12ක් ලබාගනිමින් තේරී පත්වූවා. උපසභාපති ධුරයට සඳහා ඉදිරිපත් වූ හෙළප්‍රිය දර්ශන නන්දරාජ මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 7ක් පමණයි.
ඡන්ද දෙකක් ප්‍රතික්ෂේප වී තිබෙනවා.
අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභිකයන් 21 බෙදී ගොස් ඇත්තේ මෙලෙසින්.
ජාතික ජන බලවේගයට සභික ධුර අටක්ද සමගි ජන බලවේගයට සභික ධුර හයක්ද හිමිව තිබෙනවා.
ලංකා කම්කරු කොංග්‍රසයට සභික ධුර දෙකක් හිමිව තිබෙනවා.
මේ අතර ස්වාධීන කණ්ඩායම අංක1, එක්සත් ජාතික පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ, සර්වජන බලය සහ ස්වාධීන කණ්ඩායම අංක 2 යන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සභික ධුර 1 බැගින් හිමි කර ගැනීමට සමත් වූවා.