1991 වසරෙන් පසුව ලෝක කුසලාන රග්බි තරගාවලියකට සුදුසුකම් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වී තිබෙනවා.
ඒ අනුව ලබන වසරේ ඕස්ටේ්‍රයාවේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියට සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වනු ඇති.
සිම්බාබ්වේ කණ්ඩායම මෙලෙස ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේ, 20 වැනි අප්‍රිකානු රග්බි තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමත් සමගයි.
එම තරගාවලිය උගන්ඩාවේ දී පැවැත්වුණා.
අප්‍රිකානු රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට සිම්බාබ්වේ සහ නැමීබියා කණ්ඩායම් සුදුසුකම් ලබා තිබුණා. එම තරගය සිම්බාබ්වේ කණ්ඩායම ජය ගත්තේ, ලකුණු 30 ට 28 ක් ලෙසයි.
ඒ අනුව, ඔවුන් ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලැබූ අතර, සිම්බාබ්වේ කණ්ඩායම මෙලෙස ලෝක කුසලානයකට සහභාගී වන තෙවැනි අවස්ථාව මෙයයි.
මන් පෙර ඔවුන් 1987 සහ 1991 වසරවලදී රග්බි ලෝක කුසලාන තරගාවලි සදහා ක්‍රීඩා කර තිබෙනවා.
උණුසුම් පුවත්
- හිටපු මන්ත්‍රී ෂකිබ් තීරණයක් වෙනස් කරයි !
- චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි
- ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ කර්මාන්තකරුවන්ට ලක්ෂ 2 ක්
- රජය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි
- ආධාර රැගෙන චීනයෙන් ගුවන් යානයක්
- ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්
- කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව
- හානි වූ ඇල මාර්ග යළි යථා තත්ත්වයට











