අධිකරණය මඟ හරිමින් සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණා.
ඒ කොළඹ අපරාධ කොට්ඨාශය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
පසුගියදා නාරාහේන්පිට ප්‍රදේශයේදී තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශනයක් ආරම්භ කළා.