බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වුණා.
ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග දෙකකදී මේ වනවිට ලකුණු 150 සීමාව පසුකර තිබෙනවා.
පන්දු 242කට මුහුණදෙමින් ඔහු මෙම කඩඉම පසුකර ගිය අතර, ඔහුගේ ඉනිමේ හතරේ පහර 18ක්ද ඇතුළත් වනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 2කට ලකුණු 296ක් රැස්කරගෙන සිටින අතර, පැතුම් සමගින් අනෙක් අන්තයේ රැඳී සිටින ප්‍රබාත් ජයසූරිය පන්දු 23කට මුහුණදී ලකුණු 6ක් රැස්කරගෙන සිටිනවා.
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනට අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 290ක් රැස්කරගෙන සිටි අතර, ඒ වනවිට පැතුම් ලකුණු 146ක් ලබාගෙන තිබුණා.