පේරාදෙණිය පලිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම කාර්යාලයේ සේවයේ නිරතව සිටි සංවර්ධන නිලධාරියෙකු සහ රියදුරෙකුයි.
රුපියල් දස දහසක අල්ලස් මුදලක් ලබාගැනීම චෝදනාවක් සම්බන්ධයෙන් මොවුන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් කළ පැමිණිල්ලකට අනුව එම ව්‍යාපාරිකයාගේ නිවසේදීයි.
අදාළ නිලධාරීන් අල්ලස් මුදලක් ඉල්ලා ඇත්තේ කෘමිනාශක, දිලීර නාශක සහ ශාක වර්ධන සඳහා හෝමෝන නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සඳහා එම නිෂ්පාදනයන් පලිබෝධනාශක නියදි වශයෙන් ගෙන පරීක්ෂා කිරීම සඳහා නිවසට පැමිණීමටයි.
එහිදී අදාළ නිලධාරීන් නිවසට පැමිණෙන වාහනයට ඉන්ධන ලබාගැනීමට රුපියල් දස දහසක මුදලක් අල්ලස් වශයෙන් පැමිණිලිකරුගෙන් ඉල්ලා ලබාගැනීම ඔවුන්ට ඇති චෝදනාව බවයි අල්ලස් කොමිසම පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද(04) දින ඉදිරිපත් කිරීමට නියමිතයි.