ඉරාන පාර්ලිමේන්තුව හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අනුමැතිය ලබා දී ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. කෙසේ වෙතත් අවසාන තීරණය ගනු ලබන්නේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. හෝමූස් සමුද්‍ර සන්ධිය පිහිටා ඇත්තේ ඉරානයට උතුරින් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ඕමානයට දකුණින් බවයි සඳහන් වන්නේ. හෝමූස් සමුද්‍ර සන්ධිය ලෝකයේ තෙල් ප්‍රවාහනයේ ඉතාම වැදගත් මාර්ගයක් වන අතර, ලෝකයේ සමස්ත බොරතෙල් වෙළෙඳාමෙන් සියයට විස්සත් සියයට විසි පහත්, අතර ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙනු ඇති. මැදපෙරදිග තෙල් නිපදවන රටවල් වන ඉරානය, ඉරාකය, කුවේටය, බහරේන්, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සවුදි අරාබියට අයත් නැව් ජාත්‍යන්තර මුහුදු සීමාවට පිවිසෙන්නේ මෙම කලාපය හරහායි. ඒ හේතුවෙන් මෙම සමුද්‍ර සන්ධිය අවහිර වුවහොත් ගෝලීය තෙල් සැපයුමට විශාල බලපෑමක් ඇති විය හැකි අතර, තෙල් මිල ඉහළ යෑමට ද එය ඉවහල් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
උණුසුම් පුවත්
- ජයවර්ධනපුර බාහිර උපාධි කටයුතු අත්හිටුවලා
- කොටහේනේ දැරියගේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට නියෝගයක්
- ඉරාන ජනපතිට ප්‍රංශ ජනපතිගෙන් ඇමතුමක්
- දිනෙන් දින ඉහළ යන බඹර ප්‍රහාර ගැන වතු කම්කරුවන්ගෙන් ඉල්ලීමක්
- මුදල් අමාත්‍යංශයේ නව ලේකම් වැඩ භාරගනී
- එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් දිවයිනට
- නාවලපිටිය නගර සභාවට ලැයිස්තුවෙන් තේරී පත්වූ සභිකයාගෙන් අපේක්ෂකයෙකුට ප්‍රහාරයක්
- මාස ගණනකට පසු මහින්දානන්ගේ බිරිය තැබූ සංවේදී සටහන