ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒම හතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ලබාදී ඇති බවද පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇති බවයි පාර්ලිමේන්තුව පවසන්නේ.
එම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය මැතිවරණ කොමිසන් සභාවට දන්වා තිබෙනවා.
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසි සූරියප්පෙරුම මහතා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.
හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ලිපියට අනුව ඉල්ලා අස්වීම 2025 ජුනි 20 වැනිදා සිට බලපැවැත්වෙන බවද මහලේකම්වරිය පවසනවා.
සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස සේවය කළ මහින්ද සිරිවර්ධන මහතා විශ්‍රාම යාමෙන් පසුව පුරප්පාඩු වූ ලේකම් තනතුරට හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.