මොරගහහේන, ගෝනපල ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිසුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ගෝනපල ප්‍රදේශයේදී ඉඩමේ මායිමක ආරවුලක් හේතුවෙන් බහින් බස්වීමක් දුරදිග ගොස් පුද්ගලයෙකු පහරදීම හේතුවෙන් තවත් පුද්ගලයෙකු රෝහල් ගත කිරීමට රැගෙන යාමේදී මියගොස් ඇති බවයි.
මරණකරු වයස අවුරුදු 64ක් වූ කෝපිවත්ත, ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අපරාධයට සම්බන්ධ වයස අවුරුදු 71ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොරගහහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













