පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු තණමල්විල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තණමල්විල පොලීසියට ලද තොරතුරක් අනුවයි කහකුරුල්ලන්පැලැන ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙහිදී සැකකරුවන් සතුව තිබූ පූජා භාණ්ඩ සහ කැණීම් උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24,26 සහ 28 යන වයස්වල පසුවන තණමල්විල සහ හම්බේගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධව තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
උණුසුම් පුවත්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
- අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
- විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට
- මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට දැනුම්දීමක්
- ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
- රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමක්
- මියන්මාරයෙන් මෙරටට සහල් පරිත්‍යාගයක්
- ජනපති සහ අගමැති ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් හමු වෙයි











