ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගෝස්තු මස 25 වන සඳුදා දිනයේ වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
සඳුදා දින උදෑසන 8 සිට දීප ව්‍යාප්තව මෙම වැඩවර්ජනය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලිය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම දීප ව්‍යාප්ත වර්ජනය සිදු කරන බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.