ඉන්දියාව හා රුසියාව මිසයිල ආරක්ෂණ පද්ධති පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
සාකච්ඡාවේදී එස්. 400 මිසයිල ආරක්ෂණ පද්ධති ඉන්දියාවට සැපයීම හා එස්.යූ 30 ජෙට් යානා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
චීනයේ පැවති ෂැංහායි සහයෝගීතා සංවිධානයේ රැස්වීමට සමගාමීව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ් නාත්සිං අතර පැවති සාකච්ඡාවකදීයී මේ පිළිබඳ කරුණු අනාවරණය වී තිබෙන්නේ.
මේ වන විටත් රුසියාව ඉන්දියාවට එස්.400 වර්ගයේ මිසයිල ආරක්ෂණ පද්ධති තුනක් ලබාදී තිබෙනවා.
ඒවා පාකිස්ථාන සහ චීන දේශසීමා ආසන්නයේ ස්ථාපිත කර ඇති බවයි වාර්තා වන්නේ.