ඇමෙරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයට බලපා ඇති විනාශකාරී ගංවතුර තත්ත්වයෙන් දින කිහිපයකට පසු, එරට නිව් මෙක්සිකෝ ප්‍රාන්තයටද මේ වන විට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වෙනවා. විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, අධික මෝසම් වර්ෂාව හේතුවෙන් නිව් මෙක්සිකෝ කඳුකර ප්‍රදේශයක ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බවයි. මෙම හදිසි තත්ත්වයත් සමග එහි රුයිඩෝසෝ කඳුකර නිකේතන ගම්මානයේ සහ ඒ අවට නිවාස සහ වාහන රැසක පුද්ගලයින් සිර වී සිටින බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා. මේ අතර ටෙක්සාස් කඳුකර ප්‍රදේශයේ ග්වාඩලූප් ගඟ පිටාර ගැලීම හේතුවෙන් සිදු වූ බිහිසුණු ව්‍යසනයෙන් දරුවන් ඇතුළු පුද්ගලයින් 109 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 170 කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන්ව ඇතැයිද සඳහන්.
උණුසුම් පුවත්
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
- පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ














