උතුරේ සහ දකුණේ අතුරුදන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කරන බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
2000 වසරට පෙර මෙවැනි පැමිණිලි දස දහසකට අධික සංඛ්‍යාවක් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
අතුරුදන්වූවන්ගේ පවුල්වලට සිදුවූ හානි පූර්ණය කිරීමට නව යෝජනා ක්‍රමයක්ද හඳුන්වාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී සදහන් කළා.
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සංවිධාන කළ උත්සවයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේබව කියා සිටියේ.
බලහත්කාරයෙන් අතුරුදන් වූවන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණා.
ඒ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්.
උණුසුම් පුවත්
- අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව අගමැතිනියට
- කදුකර ජනතාවට නිවාස හිමිකම් ලබා දීම හෙට ජනපති ප්‍රධානත්වයෙන්
- බිත්තර මිල පහළට
- ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක්
- සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලංකා කාන්තා සහ එංගලන්ත කාන්තා ගැටුම අද
- රත්‍රං මිල ඉහලට
- විදුලි බිල ගැන කොමිසමේ තීරණය 14 වැනිදා