
“ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය විසින් අද උදෑසන සංවිධානය කර තිබූ විරෝධතාවය හේතුවෙන් බත්තරමුල්ල, පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. මේ අතර පොලීසිය විසින් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුවට දෙසට වාහන ගමනාගමනය ද තාවකාලිකව වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. විරෝධතාවයට සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනඥයින් රැසක් එක්ව සිටිනවා.














