හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව මෙම මස 28 වන දින යළි කැඳවන ලෙසf කාළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතට යටතේ අදාළ නඩුව ගොනුකර තිබෙනවා.
අදාළ නඩුව එළැඹෙන 28 වැනිදා කඳවන ලෙස නියම කර ඇත්තේ මෙම නඩුව විභාග කරනු ලබන විනිසුරුවරයා නිවාඩු ලබා සිටීම හේතුවෙනි.
නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරෙස්ට් මහත්මියට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙන්නේ රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කරගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා නගමිනි.