මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ සේවා නවීකරණය කිරීම ඇතුළු අංශ කිහිපයක් වෙනුවෙන් ලෝක බැංකුව ඩොලර් මිලියන 50ක ව්‍යාපෘතියක් අනුමත කර තිබෙනවා.
නිවේදනයක් නිකුත්කරමින් ලෝක බැංකු සමූහය මේ බව සදහන් කළා.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ රජයේ සේවාවන් නවීකරණය කිරීමත්, එම සේවාවන් වඩාත් කාර්යක්ෂමව මහජනතාවට සමීපකරවීමත් බවත් බවයි ලෝක බැංකු- සමූහය අවධාරණය කර ඇත්තේ..
ඒ අනුව මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල් අංශය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ජනතාවගේ සහ ව්‍යාපාරවල අවශ්‍යතාවලට පිටුවහලක් වනු ඇති බවද එම නිවේදනයේ සදහන්.
ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය රජයේ සේවාවන් සඳහා ඒකාබද්ධ මාර්ගගත පුරවැසි සේවා ද්වාරයක්, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීම සඳහා සිදු කරනු ලබනවා.
ඒ තුලින් රජයේ ආයතන හරහා දත්ත බෙදාගැනීම සඳහා ආරක්ෂිත පද්ධතියක්, ඩිජිටල් ලේඛන ගබඩාකිරීම සඳහා ඩිජිටල් කවුළුවක් සහ ඉල්ලුම වැඩිවන විට පරිමාණය වෙනස් කළ හැකි වේදිකාවක් ඇතුළු කේන්ද්‍රීය ඩිජිටල් විසඳුම් සඳහා සහාය වනු ඇති බවද ලෝක බැංකු සමූහය නිකුත්කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා.
උණුසුම් පුවත්
- වසරේ පළමු දින 8 තුල හැටදහස ඉක්මවූ සංචාරකින් සංඛ්‍යාවක් මෙරටට
- අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් සහ ජනාධිපති අතර හමුවක්
- ඉරානය සමග ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් තීරු බද්දක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට
- මෙරට මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුව
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට










