දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවන බද්ද සියයට 25ක් දක්වා ඉහළ නංවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.
ඒ, පසුගිය වසරේ ඇති කරගත් වෙළෙඳ ගිවිසුමකට අනුව දකුණු කොරියාව කටයුතු නොකරන බවට චෝදනා කරමින්.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් ට්‍රම්ප් ප්‍රකාශ කළේ මෝටර් රථ, දැව භාණ්ඩ, ඖෂධ ඇතුළු නිෂ්පාදන රැසක් සඳහා දැනට පවතින සියයට 15ක බදු ප්‍රමාණය මෙලෙස ඉහළ නංවන බවයි.













