කුඩා දරුවන් සහ වැඩිහිටි පිරිස් අතර මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළදීමේ ප්‍රවණතාවය ඉහළ මට්ටමක පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය පවසනවා.
ඇය මේ පිළිබඳව සඳහන් කර සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.
මේ වන විට මෙම රෝගී තත්ත්වය ලංකාවේ බහුලව පවතින රෝග අතුරින් තුන්වන ස්ථානයට පැමිණ ඇති බවයි ඇය පවසන්නේ.
මෙම මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා මුල් අවස්ථාවේ හඳුනා ගැනීම සිදුකළහොත් එය වළක්වා ගත හැකි බවයි අධ්‍යක්ෂවරිය පවසා සිටියේ.
ක්ෂණික කෑම වෙනුවෙන තන්තුමය ආහාර සහිත පෝෂණීය කෑම වේලක් ලබා ගැනීම ඉතා වැදගත්වන බව ද ඇය පවසා සිටියා.