ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිග් බියුටිෆුල් පනත් කෙටුම්පතට මේ වන විට එරට සෙනට් සභාවේ ඡන්ද විමසීමක් පැවැත්වෙන බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
මෙම පනත් කෙටුම්පතට අනුව තීරු බදු සහන දීර්ඝ කිරිම සදහා සුබසාධන වැඩසටහන් කොපමණ ප්‍රමාණයක් කපා හැරිය යුතුද යන්න ඇතැම් රිපබ්ලිකන් සෙනට් සභිකයන් අතර බෙදීමක් පවතින බවයි වාර්තා වනවා.
එමෙන්ම මෙම කෙටුම් පත සම්මත වුවහොත් ඊට පසු දින ඇමරිකන් පාර්ටි නමින් අලුත් පක්ෂයක් බිහි කරන බවයි බිලියනපති එලෝන් මස්ක් සඳහන් කර තිබෙනවා.