තණමල්විල නිකවැව ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් කෝටියක් පමණ වටිනා වියළි ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .
එහිදී ගංජා කිලෝ 128ක්, අස්වනු නෙළීමට ආසන්න අක්කර දෙකක ගංජා වගාවක්, අක්කර එකක පැළ තවානක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සදහන් කලේ .
මෙම වැටලීම සිදු කර ඇත්තේ තණමල්විල පොලිස් ස්ථානයේ විශේෂ කාර්යාංශ නිලධාරීන්ට සහ තණමල්විල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් මතයි.
පොලිසිය පවසන්නේ එහිදී පළමුව තණමල්විල නිකවැව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අක්කරයක ගංජා පැළ තවානක් සමඟ 38 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි.
එම සැකකරුගේන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරුවලට අනුව එම ස්ථානට මදක් දුරින් අස්වනු නෙළීමට ආසන්න අක්කර දෙකක ගංජා හේනක් සහ අලෙවි කිරීමට සූදානම් කර තිබූ වියළි ගංජා තොගයක් සමඟ 61 හැවිරිදි සහ 58 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් මිද්දෙනිය, ඇඹිලිපිටිය සහ තණමල්විල ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් කලක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වුණා.













