නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් හෝ පීඩාවක් සිදු වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
නේපාලයේ කත්මන්ඩු හි පිහිටි ශ්‍රී ලංකා නානාපති කාර්යාලය විසින් යාවත්කාලීන කරන ලද තොරතුරු වලට අනුව, මේ වන විට නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 109 ක් බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.
ඔවුන් සියලුදෙනා ආරක්ෂිතව සිටින අතර ඕනෑම අවස්ථාවක ඔවුන්ට සහාය ලබාදීමට නේපාලයේ කත්මණ්ඩු හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තර අවදානයෙන් පසුවන බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- දිවයිනට ගිනිකොණ බෙංගාල බොක්කේ ස්ථාපිත අඩු පීඩන කලාපය ගැන අලුත්ම අනාවැකිය
- ශ්‍රී ලංකා පාකිස්තානු පළමු විස්සයි විස්ස තරගය අද සවස දඹුල්ලේදී
- මූල්යා වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- පියාගේ ගින්නෙන් බිරිය සහ දරුවෙක් මරුට – තවත් දරු දෙදෙනක් සහ නැන්දම්මාට බරපතලයි
- අවන්හලකට පැන්න අටක් අල්ලයි – කාන්තාවන් තිදෙනෙක් ඒ අතර
- සිසුන් දෙපිරිසක් ගැටී හතරක් රෝහලේ
- කරන්දෙණියේ පුද්ගල ඝාතනයක්
- හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට













