විදේශ ජාතිකයෙකුගෙන් අල්ලස් ලබා ගත් බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිංගප්පූරු ජාතිකයකු සතුව තිබූ විද්‍යුත් දුම්වැටි දෙකකට නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට යැයි පවසා රුපියල් 40,000/= ක ඉල්ලා ඉන් රුපියල් 30,000/= ක මුදලක් පොලිස් නිලධාරීන් තිදෙනෙකු විසින් ලබා ගෙන් තිබුණා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බම්බලපිටිය පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල් රියදුරෙක්.
පැමිණිලිකාර සිංගප්පූරු ජාතිකයා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිට ඇති අතර පොලිස් නිලධාරින් ත්‍රිරෝද රථය නවතා සිංගප්ගපුරු ජාතිකයාගේ ගමන් බෑගය පරික්ෂා කිරීමේදී දුම්වැටි දෙක හමුවී තිබූනා.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ඔහුට පවසා ඇත්තේ මෙය අධිකරණයට ඉදිරිපත් කළොත් රුපියල් 50,000/= ක දඩ මුදලක් ගෙවීමට සිදුවන බවයි.
ඒ අනුව රුපියල් 40,000/= ක් ඉල්ලා එයින් රුපියල් 30,000/= ක මුදලක් ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සිද්දිය පිලිබදව බම්බලපිටිය පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.